නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මාර/ හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය

මාර/ හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් මාතර දිස්ත්‍රික්කයේ මායිමේ සුන්දර කඳු ගැටයක පිහිටි මනරම් භූමියකි. 1959 වසරේ දී පන්සලක් ව පැවති මෙම පුණ්‍යභූමිය ගමේ ජනතාවගේ නැණ ගුණ වර්ධනීය අරමුණින් පාසලක් බවට පත්ව ඇත. ඉතාමත් අඩු පහසුකම් යටතේ වුවද අප සිසු දරුවන් අධ්‍යාපනික මෙන්ම විෂය භාහිර හා ක්‍රීඩා කටයුතු වලටද කලාපමෙන්ම පළාත් මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියයි. ඉතාමත් අඩු පහසුකම් යටතේ වුවද සිසු දරුවන් තොරතුරු තාක්ෂණ විෂය හදාරමින් සිටින අතර සයිබර් ලොවට පියාපත් වැඩසටහන හරහා පාසල් වෙබ් අඩවියක් නිර්මාණය කර පවත්වාගෙන යාමට අවස්ථාව ලබාදීම පාසල් ප්‍රජාවට මෙන්ම පාසල පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව වෙත තොරතුරු ලබාගැනීම සඳහා ඵලදායී වනු ඇතැයි මා විශ්වාස කරමි.
නියෝජ්‍ය විදුහල්පති,
මාර හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය