වර්ෂ 1959 නොවැම්බර් 11 වැනි දින හුලංකන්ද ගම්මානයේ පැරණි පංසල් භූමියේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ ඒ. පී.හින්නිඅප්පු මහතාය.අඩි 30*15 පමණ කුඩා ශාලාවක තාවකාලික දෙමාපියන් විසින් සාදන ලද බංකු හා ඩෙස් කිහිපයක් පමණක් තිබූ අතර වැඩිපුරම ඉගැන්වීම් කටයුතු කරනු ලැබුවේ පැරණි බෝරුක වටා සිටගෙන හෝ ගල් මත ඉඳගෙන අසා සිටිමින් කළ නිදහස් ඉගැන්වීම් රටාව තුළ ය ගුරුභවතුන් දෙදෙනෙක් විසින් ඉගැන්වීම් කළ අතර පාසලේ සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 17 ක් විය. ඉතාම දුප්පත් දෙමාපියන්ගේ දරුවන් පාසලට පැමිණි අතර නිල ඇඳුමක් නොවුණු ඔවුන් සමහර විට ගෙදරට ඇඳගෙන සිටි ඇඳුම් වලින් පැමිණි අවස්ථා විරල නොවීය පවුලක දරුවන් දහ දෙනෙකුට වඩා සිටි බැවින් ඔවුන් ආහාර පාන සහ ඇඳුම් පැළඳුම් ලබාදීමට නූගත් කම්කරුවන් වූ ඔවුන්ට මහත් අරගලයක් විය එම නිසා ම 5 ශ්‍රේණිය දක්වා පන්ති පැවැති පාසලට එම පන්ති දක්වා පැමිණි සංඛ්‍යාව එක පන්තියක තුන් හතර දෙනෙකුට සීමා විය.