(+94) 702179078
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Hulankanda K.V.

මාර/හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Hulankanda K.V.

මාර/හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

.

1959 වර්ෂයේනොවැම්බර් 5 වන දින පින් බිමක ස්ථාපනය වූ හුලංකන්ද විදුහල මනරම් වූ පරිසරයක පිහිටා තිබිණි. ගුරුමණ්ඩලය දෙදෙනෙකු හා ශිෂ්‍ය සංඛ්‍යාව දාහත් දෙනෙකුගෙන් ආරම්භ කළ හුලංකන්දාව නම් වූ මෙම සිප්හලට දැනට වර්ෂ හැට හතරක් සපිරේ. මෙම සිප්හලෙහි මුල් ගුරුතුමා වශයෙන් ඒ. පී.හින්නිඅප්පු මහතා සේවය කළ අතර මාතර හුලංකන්ද විදුබිමෙහිමුල්ම විදුහල්පති ඔහු විය.1 ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වුණු අතර එහි එක් ගොඩනැගිල්ලක් පමණක් ඒ වන විට පැවැතිණි. අඩි 30X15 පමණ කුඩා ශාලාවක තාවකාලික දෙමාපියන් විසින් සාදන ලද බංකු හා ඩෙස් කිහිපයක් පමණක් තිබූ අතර වැඩිපුරම ඉගැන්වීම් කටයුතු කරනු ලැබුවේ පැරණි බෝරුක වටා සිටගෙන හෝ ගල් මත ඉඳගෙන අසා සිටිමින් කළ නිදහස් ඉගැන්වීම් රටාව තුළ ය.

 සොදුරු නිසංසල පරිසරයක මුරුතවෙලජලාශය පෙනෙන තෙක් මානයේ පිහිටි මෙම සිප්හල වසරෙන් වසරට දියුනුවට පත්විය.1965 වර්ෂය වන විට ළමුන් සංඛ්‍යාව 62 දක්වා වර්ධනය වූ අතර ගුරුවරුන් සංඛ්‍යාව 13 දක්වා වර්ධනය විය. එවකට හුලංකන්ද සිප්හලෙහි දිසාපාමොක් වශයෙන් ඩී. එස්. ගුණවර්ධන මහතා කටයුතු කළ අතර එතුමාණන්ගේ අභිමානවත් සේවයෙන් පසු වර්ෂයේ ජී. එච්. ජයකොඩි මහතා විදුහල්පති ධූරයෙහි වැඩ භාර ගනිමින් හුලංකන්ද විදුහලට ආලෝකයක් විය ඒ වන විට ළමුන් සංඛ්‍යාව 85 දක්වා වර්ධනය වී තිබී ඇත අනතුරුව සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙතෙක් එකේ සිට පහ දක්වා පැවැති මෙම විදුහලෙහි එකේ සිට 8 දක්වා පන්ති පවත්වන්නට ආරම්භ විය එවකට විදුහල්පති වශයෙන් එස් කලුආරච්චි මහත්මිය කටයුතු කළ අතර ළමුන් එකසිය එකක් දක්වා වර්ධනය විය මින් පසුව ද පී.ඩී. ඩේවිඩ් කණ්ඩම්බි මහතා යන දිසාපාමොක් තුමන්ලාගේ මග පෙන්වීම තුළින් තව තවත් පාසල ආලෝකමත් වන්නට විය.  1992 වර්ෂයේ හුලංකන්ද විදුහලට සුවිශේෂී වර්ධනයක් විය. මෙතෙක් පැවති එක අට පන්ති වෙනුවට 11 වසර දක්වා පන්ති පැවැත්වීම ආරම්භ වූයේ එම වර්ෂයේදී ය. ඒ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 255 දක්වා වර්ධනය වී තිබූ අතර ගුරුවරු සංඛ්‍යාව 18ක් ද විය. ඒ වන විට හුලංකන්ද සිප්හලෙහි අටවන විදුහල්පති වශයෙන් ජී. ගුණතිලක මහතා කටයුතු කර ඇත. වසර ගණනක අභිමානවත් ගමන් මගක් පසුකර අනතුරුව චන්ද්‍රා විදානගමාච්චි මහත්මිය ඒ සමන් කුමාර මහතා යන සුවිශේෂී පුද්ගලයන් මගින් විදුහල්පති ධුරය හොබවා පාසල දියුනුවට පත් කරමින් මාතර පුරවරය අභිමානවත් නාමයක් සනිටුහන් කළ හුලංකන්ද විද්‍යාලය 2017 ශිෂ්‍යත්ව ප්‍රතිඵල 95% ක් දක්වා වර්ධනය වූ අතර අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100% විය.

 

ආරම්භ කළ වර්ෂය

1959 නොවැම්බර් 05

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

17

මුල් ගුරුතුමාගේ නම

ඒ. පී.හින්නිඅප්පු

පාසලේ ආදි කතෘගේ නම

ඒ. පී.හින්නිඅප්පු

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

හුලංකන්දාව සිප්හල

පාසල භාරව කටයුතු කිරීම

ඒ. පී.හින්නිඅප්පු

පාසල රජයට පවරාගත් දිනය

1959 නොවැම්බර් 05

පාසල පැවැත්වූ ස්ථානය

හුලංකන්ද පංසල් භූමිය

 

Hulankanda K.V.

මාර/හුලංකන්ද කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • 7J8X+G29, Pasgoda

: (+94)702179078

: [email protected]

Supported By

© 2026 Hulankanda K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk